Connect with us

පුවත්

හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන රිමාන්ඩ් (Update)

Published

on

ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සලෝචන ගමගේ මහතා සහ තවත් ව්‍යාපාරිකයෙක් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර කර තිබුණි.

පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වේ.


(පෙර පුවත: 2024 දෙසැම්බර් 28, පෙ.ව.11:46)

මිලියන 9ක අල්ලසක් ගත් ව්‍යාපාරිකයන් දෙන්නෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්ය.

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ සංශෝධනයක්

Published

on

By

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනයේ ජුනි මසට අදාලව වෙනස් වීමක් සිදු වූයේ නැත.

ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව විසින් දැනුම් දෙන ලදී.

මේවන විට ඉන්ධන මිල ගණන් පවතින්නේ මෙසේය,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක
  • භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක්

ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

 “පොඩි සහරාන්” මුදාහැරේ

Published

on

By

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශයේ සැරිසරමින් ජංගම දුරකථනයකින් ඒ අවට වීඩියෝ ගත කලේ යැයි කියන පස්රූල් රහ්මාන් මොහොමඩ් නොහොත් “පොඩි සහරාන්” මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(30) නියෝග කළේය.

බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රහ්මාන් මොහොමඩ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී කටයුත්තක් සම්බන්ධයෙන් අපරාධමය වරදක් සැකකරු සම්බන්ධයෙන් අනාවරණය නොවන බවය.

පසුගිය 27 දින බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කරන්න ඇති බවට සැකපිට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් ලබා දුන් තොරතුරක් අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේදී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වෙතට භාර දුන් බවත්,සැකකරු රදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

සැකකරු පෞද්ගලික ආයතනයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයකු බවත් ඔහු විසින් දුරකථන උපාංගයක් අලුත් වැඩියා කිරීමට ලබා දුන් ස්ථානයකට ඒ ලබා ගැනීමට නැවත පැමිණි අවස්ථාවේදී මෙසේ වීඩියෝ ගත කර ඇති බවත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරියක් පොලිස් භාරයට

Published

on

By

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය.

පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් තොගයේ බර ග්‍රෑම් 156.07ක් වන බව පැවසූ පොලීසිය පැවසුවේ අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවය.

මෙම වෙඩි බෙහෙත් තොගය අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවද පොලීසිය පැවසීය.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවය.

ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලීසිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved