පුවත්

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

Published

on

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබූ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව වාර්තා වේ.

එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන ඇත.

එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන්න බව රේගුව පවසයි.

රේගුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එම මත්ද්‍රව්‍ය සහිත පාර්සල් කැනඩාව, එංගලන්තය සහ නෙදර්ලන්යේ සිට දෙහිවල, වැල්ලවත්ත, වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත ඒවා තිබු බවයි.

වැඩිදුරටත් සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එලෙස සටහන් කර තිබූ මෙරට ලිපිනයන් ව්‍යාජ බවය

ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන අවසානයේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

Trending

Exit mobile version