Connect with us

පුවත්

මිලේනියම් සිටි නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

Published

on

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය විසින් පවත්වා ගිය ආරක්ෂක නිවස්නයක් වටලා එහි සිටි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද? නැද්ද? යන තීන්දුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ප්‍රකාශයට නියමිතව තිබුණි.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවට අදාළව විත්තිකරුගේ පාර්ශ්වයෙන්ද සාක්ෂි කැඳවීමට අධිකරණය තීන්දු කරන බවය.

ඒ අනුව විත්තිය වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා නඩුව නැවත පෙබරවාරි මස 21 වනදා කැඳවීමට ද නියම කළේය.

2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ තුළ යුද හමුදා බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කොට රටේ ජාතික ආරක්ෂාව හා රටේ ස්වෛරීභාවය අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබේ.

(අද දෙරණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved