ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් රු. 10 කින් අඩු කිරීමට තීරණය කළ ද ඇතැම් ප්‍රදේශවල බේකරි වලින් එලෙස අඩුකළ මිල ගණන්වලට බේකරි නිෂ්පාදන මිලට ගැනීමට නොහැකි වූ බවට පාරිභෝගික ජනතාව චෝදනා කරයි.
කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල බේකරි හිමියන් අද සිට අඩු කළ මිල ගණන්වලට නිෂ්පාදන අලෙවිකර තිබුණි.
මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර සිටියේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල අඩුකළ මිල ගණන් අලෙවිසැලේ ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය බවයි.
එසේ නොකරන අලෙවිසැල් වලට අද සිට නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.