මිහින්තලය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් දූෂණය කර මරා දමා ඇති බව පොලීසිය පවසයි .
ඊයේ (29) දහවල් කාලයේ මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වී ඇත.
මරණකාරිය තම මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මව අසල නිවසක රැකියාව සඳහා ගොස් සිටියදී අසල ගමක පදිංචි පුද්ගලයෙකු නිවසට පැමිණ අදාළ කාන්තාව දූෂණය කර ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
එසේ මියගොස් ඇත්තේ, 51 හැවිරිදි 03 වන පියවර, දොරමඩලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඝාතනය සිදුකළ වයස අවුරුදු 47ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.