විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (03) මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය විසන්ධි කර තිබේ.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන් පැවසුවේ විදුලිය විසන්ධි කිරීමෙන් පසුව තමන් වහන්සේට ලක්ෂ 41ක විදුලි බිලක් ලබාදී ඇති බවයි.
උන්වහන්සේ ඊයේ (03) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ කීහ.