පුවත්

මිහින්තලේ MAS ෆැක්ට්‍රි දෙකක වහයි; දහසකගේ රැකියා ඉවරයි

Published

on

වසර 36කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟළුම් අපනායන සමගමක් ලෙස විශාල ධනස්කන්ධයක් රැස්කරගත් මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමට ‌තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ තීන්දුවත් සමඟ එහි සේවය කළ දහසකට ආසන්න පිරිසකගේ රැකියා අහිමිවන බවද පැවසේ.

කෙසේවුවද, එහි බලධාරීන් සේවකයන් දැනුවත් කර ඇත්තේ අදාළ ඇඟළුම් කර්මාන්ත ශාලා මාස 4කට වසා දමන බවටය.

ඇඟලුම් නිෂ්පාදන වෙනුවෙන් සුපුරුදු පරිදි ඇණවුම් නොලැබීම මෙලෙස කර්මාන්තශාලා තාවකාලිකව වසාදැමීමට හේතුවී ඇති බව ඇඟළුම් නිෂ්පාදකයින්ගේ මතය වී තිබේ.

එසේම විශේෂයෙන් එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිසා පැනනැගී ඇති ඩොලරයේ අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සෘජුව බලපා ඇතැයි එම කේෂත්‍රයේ ප්‍රවීනයන්ගෙන් කොටසක් කියා සිටී.

කෙසේවුවද, ඇතැමෙක් පෙන්වා දෙන්නේ මේ ආයතන සඳහා ලැබෙන ඇනවුම්වල අඩුවක් නොවන බවත්, ලංකාවේ විදුලිය ඇතුළු සේවාවන්වල මිල ඉහලයාම නිසා ලංකාවේ ඇඟළුම් නිෂ්පාදනය කිරීම ඒවායේ පිරිවැය වැඩි කරන බැවින් නිෂ්පාදකයින් ලංකාවෙන් පිට පිරිවැය අඩු ඔවුන්ගේම කර්මාන්ත ශාලාවෙත අදාළ ඇනවුම් ලබාගනිමින් පාඩු ලබන ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා වසා දැමීමට කටයුතු කරන බවයි.

කවුද මේ MAS

ලංකාවේ ඇඟළුම් නිෂ්පාදනයේ නියැලී සිටින

මාස් (MAS) හෝල්ඩිංග්ස් යනු දකුණු ආසියාවේ විශාලතම යට ඇඳුම් නිෂ්පාදකයා වේ.

මෙම සමාගම 1987 දී මහේෂ්, ෂේරාඩ් සහ අජේ අමලීන් විසින් ආරම්භ කරන ලද අතර එහි නම සහෝදරයන් තිදෙනාගේ මුලකුරු වලින් ලබා ගන්නා ලදී ( MAS).

මාස් හෝල්ඩින්ග්ස් සමීප ඇඟලුම් නිෂ්පාදකයෙකු ලෙස ආරම්භ වූ අතර පසුව ක්‍රී ඇඳුම්, කාර්ය සාධන ඇඳුම් සහ පිහිනුම් ඇඳුම් සඳහා විවිධාංගීකරණය විය.

මාස් (MAS) හෝල්ඩිංග්ස් රටවල් 17 ක නිෂ්පාදන පහසුකම් 53 ක් ඇත මාස් හෝල්ඩිංග්ස් හි ගෝලීය වශයෙන් 93,000 කට අධික පිරිසක් සේවය කරයි.

සමාගමට නිව්යෝර්ක්, ලන්ඩන්, හොංකොං සහ කොළඹ යන රටවල සැලසුම් හා සංවර්ධන කේන්ද්‍රස්ථාන ඇත. එහි ගනුදෙනුකරුවන් අතර වික්ටෝරියා සීක්‍රට්, නයික්, පෝලෝ , ලූලුමෙමන් සහ පීවීඑච් ඇතුළත් වේ.

සමාගම ඇඟලුම් උපාංග සහ රෙදි නිෂ්පාදනය කරන අතර ඇඟලුම් නිෂ්පාදනයෙන් ඔබ්බට සේවා සපයයි.

ශ්‍රී ලංකාවේ එල්එම්ඩී සඟරාව සහ නීල්සන් සමාගම විසින් 2017 දී කරන ලද සමීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ දෙවන වඩාත් ගෞරවනීය ආයතනික ආයතනය ලෙස මාස් පිළිගැනීමට ලක්විය.

Trending

Exit mobile version