පුවත්

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Published

on

මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

අවුරුදු 40 – 45ත් අතර වයසේ පසුවන අතර, සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 5ක් පමණ කාන්තාවක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version