Connect with us

පුවත්

මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

Published

on

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් වී නොමැති බවද පොලීසිය පවසයි.

මේ හේතුවෙන් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි සඳහන්ව ඇත්තේ මෙම සිදුවීමට අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවට තහවුරු වී ඇති බවය.

ඒ ඔහු සිය සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඔහුව නෙරපා හැරිය බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

කෙසේ වුවත් රජයේ රෝහලක් තුළ සිදුව ඇති මෙම බරපතළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එම සංගමය පවසයි.

ඒ අනුව අදාළ විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය උපරිම සහාය ලබා දෙන බවත් සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවට සිය සංගමය විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් වඩා ශක්තිමක් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබා දීමටද සිය සංගමය සූදානම් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(අද දෙරණ)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved