පුවත්

“මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ”

Published

on

රජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, සාධාරණ මිල ගණන් යටතේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගත කිරීම සඳහා මෙම බංගලා වෙන් කර ගත හැකි බවය.

විශේෂ වෙන් කිරීම් හෝ අමතර පහසුකම් ලබා නොදෙන බවයි ඔහු පවසයි.

වන ජීවී බංගලාවල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රැපියල් මිලියන 1166.93ක් ලබාදීමට තීරණය කර ඇති බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version