දකුණු කොරියාවේ යෙචියොන් හිදී පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ පැවැති මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (05) සමත් විය.
ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඉසව්වට සහභාගී විය.
මෙම ඉසව්වේ රිදී පදක්කම සත්කාරක දකුණු කොරියාවටද, ලෝකඩ පදක්කම ඉන්දියාවටද හිමිවිය.
තවද, මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට තරුෂි දිල්සරා ද, තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට මලිත් යසිරු අද දින සමත් විය.
මේ සමග ශ්‍රී ලංකාව විසින් මෙතෙක් දිනාගෙන ඇති සමස්ථ පදක්කම් සංඛ්‍යාව 05කි. රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ සිටියි.