Connect with us

පුවත්

මීතොටමුල්ල කුණු කන්ද යළි කඩා වැටීමේ අවදානමක 

Published

on

මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡාවට ලක්ව තිබේ.

එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇතත් එම කටයුතු බාර ගැනීමට මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි අනාවරණය වේ.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේදී කඩා වැටුණි. 

ඒ හේතුවෙන් පුද්ගලයන් එකොළොස් දෙනකු අතුරුදන් වී තවත් පුද්ගලයන් තිස් දෙදෙනකුට ජීවිත අහිමි විය. 

හෙක්ටයාර් අටක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන මෙම කුණු කන්දේ උස මීටර් 48කි.

කුණු කන්ද තට්ටු පහක් ලෙස සකස් කර එහි උස මීටර් තිස් තුනක් දක්වා අඩු කර තිබෙන බවත් කුණු කන්ද සංවර්ධනය කර කෞතුකාගාරයක් නිවාස සංකීර්ණයක් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති කීපයක් සිදු කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක් වූ නිලධාරීන් පවසා තිබේ.

කසළ කන්ද ආශ්‍රිතව මෙතෙක් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නිරීක්ෂණය නොවන බැවින් එහි සූර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි වන බවට ද එහිදී යෝජනාවක් ඉදිරිපත්වී ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved