ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධියත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලික ඇණහිට ඇති බව ද වාර්තා වේ.
ඊයේ (19) රාත්‍රි 11.35ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ – මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔය 141 වැනි දුම්රිය සැතපුම් කණුව අසලදීය.
කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක් ඊයේ රාත්‍රියේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ මෙලෙස ගැටී තිබුණි.
අනතුරින් හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවේ පස් දෙනෙකුම දුම්රියට යටවීමෙන් මියගියහ.
අනතුර සිදුවූ දුම්රිය ආසන්නයේ වැටී සිටි තවත් වන අලි දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඉන් එක් අලියෙක් මෙලෙස මියගොස් තිබේ
අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ එම වන අලියා මියයාමට පෙර වයස අවුරුදු තුනක් පමණ වූ පැටවා ඒ් අසල ගැවසුණු අයුරු සියලුදෙනාගේ හදවත් සංවේදී කිරීමට සමත් විය.
අනතුරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වන අලියෙකුට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
අනතුරින් දුම්රිය ඒන්ජිම පීලිපැනීමකටද ලක්වූ අතර මෙම ස්ථානය අලි මාරුවන ස්ථානයක් ලෙසට පුවරු ද සඳහන් කර ඇති අයුරු දක්නට ලැබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන දුම්රිය මාර්ගය පිළිසකර කර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.
මෙම අනතුරත් සමග මඩකලපුව සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හබරණ ගල්ඔය දක්වා සීමාකෙරුණ අතර අනතුරට ලක්වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් වෙනත් දුම්රියකට මාරු කිරීමටද දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණි.
(පෙර පුවත 2025 පෙබරවාරි20පෙ.ව.7.15.)
මීනගයාට අලි රංචුවක් හැපිලා, 5ක්ම මැරිලා
ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය.
අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.
See more මීනගයා දුම්රියේ ගැටුණු සද්ධන්තයෝ The Batticaloa-Colombo train ‘Meenagaya’ collides against a herd of elephants at Gal Oya. Five elephants dead & the train derailed obstructing services on the line -Sri Lanka Railways
මඩකළපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ් ගැටී වන අලි පස්දෙනෙක් (05) දෙනෙක් මියයයි. තවත් අලි දෙදෙනෙකුට තුවාල
#HumanElephantConflict #SriLankaNews #railway
Video Credits Priyan Malinda
Posted by Venura Kanishka on Wednesday, February 19, 2025