පුවත්

මුජිබර් යළි මන්ත්‍රීකම ඉල්ලා උසාවි යන්න හදයි!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්, තමාට අහිමි වූ එම මන්ත්‍රී ධූරය යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියේදී යොමු කරන බව සතිඅන්ත පුවත් පතකට පවසා තිබේ.

මැතිවරණ කොමිසම, මුදල් ඇමති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට තමා මේ වන විට සිය නීතිඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බව ද රහුමාන් කීය.

තමා මන්ත්‍රි ධූරයෙන් ඉවත් වූයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා බවත් මේ වන විට පළාත් පාලන ඡන්දය කල් දමා ඇති අතර එය පවත්වන දිනයක් ගැනවත් දැනුම් දීමක් කර නැති බවත් ඔහු කියා සිටී.

එසේම තමාට මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට සිදුවූයේ පළාත් පාලන ඡන්දය පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර ඒ සඳහා තරග කරන අපේක්‍ෂකයා ලෙස තමාගෙන් ඇප මුදලක් ද මේ වන විට ලබාගෙන ඇති බවද පවසයි.

 මේ ඡන්දයට තරග කිරීමට ඉදිරිපත් වූ රජයේ සේවකයන් එම සේවය නැති වීම ගැන කරුණු දැක්වීමෙන් පසුව ඔවුන්ට රැකියාව ත්, වැටුපත්, රජයේ සේවකයන්ට හිමි අනෙක් වරප්‍රසාදත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ තමාට ද අදාළ වරප්‍රසාද හා මන්ත්‍රී ධූරය යළි ලබා දිය යුතු බව ත් රහුමාන් මහතා වැඩිදුරටත් සහන් කරයි.

Trending

Exit mobile version