පුවත්

මුතුරාජවෙල ඉඩම් කොටස් විදුලිබල මණ්ඩලයට බදු දෙයි

Published

on

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි හඳුනාගත් තවත් ඉඩම් කොටසක් පරවශ්‍යතා අයිතිය උප කල්බදු ලබාදීමේ අයිතිය ද සහිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත බදු පදනම මත ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සතු  මුතුරාජවෙල පිහිටි අක්කර 69ක් වු ඉඩම් කොටසක් 1997 වර්ෂයේදී ලංකා විදුලි බල මණ්ඩලය වෙත විකිණීමෙන් බැහැර කර ඇති අතර ඉන් කොටසක යුගදනව් බලාගාරය ඉදි කර තිබේ.

එම ඉඩමේ ඉතිරි කොටසේ මේ වන විට සොබාදනවි නව විදුලි බලාගාරය ද ඉදි වෙමින් පවතින අතර මෙම ඉන්ධන බලාගාර සඳහා භූගත සිසිලන නළ මාර්ග සහ භූගත ඉන්ධන නළ මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවද හඳුනා ගෙන ඇත.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version