Connect with us

පුවත්

මුතු රාජා උඩින් යතේ !

Published

on

දශක දෙකකට පසු මුතු රාජා අද  (02) යළි තායිලන්තය බලා රැගෙන ගියේය. 

මුතු රාජා රැගත් යානය අද පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරියා විසින් කියා සිටී.

එම අවස්ථාව දැක ගන්න මුතු රාජාට ආදරය කරන පිරිසක් දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

2001 වසරේ දී තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතු රාජා අලුත්ගම, කන්දේ විහාරය භාරයේ සිටිය දී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් පියවර ගනු ලැබුවේය.

මේ අතර, මුතු රාජා ඇතා තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බව අලුත්ගම, කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියෝ BBC සිංහල සේවයට පවසා තිබිණි.

ඒ සම්බන්ධයෙන් එහි වැඩිදුරටත් ‌මෙසේ දැක්වේ.

”මට මේ ඇතාගේ භාරකාරත්වය ලැබුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. ඇතාගේ කකුලේ සිද්ධිය අවුරුදු 12කට විතර පෙර සිද්ධියක්. මම උපරිමයෙන් උත්සාහ කළා ඊට ප්‍රතිකාර කරන්න. අතීතයේ වෙච්ච දේකට මට වග කියන්න බැහැනේ” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරත් පැවසූහ.

මුතු රාජා ලබන ජූලි දෙවැනිදා විශේෂ ගුවන්යානයකින් නැවත තායිලන්තය බලා රැගෙන යන බව දෙහිවල සත්වෝද්‍යානය පවසයි. ඇතා නැවත රැගෙන යෑමේ ක්‍රියාවලියට තායිලන්තය රුපියල් කෝටි 20කට අධික මුදලක් වැය කරන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මාස හයක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගොස් සිදු කළ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතාගේ පසුපස පාද වලට ඉහළින් තිබූ තුවාල දෙක 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරිනි මධූෂා පෙරේරා සඳහන් කළාය. තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර තිබේ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved