“සක් සුරින්” හෙවත් “මුතු රාජා” හස්තියා මේ වන විට තායි රජු ගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් ඔහුව කිසිසේවත් යළි ලංකාවට ලබා නොදෙන බව තායිලන්තයේ පරිසර අමාත්‍ය – Varawut Silpa-archa මහතා පවසා තිබේ.
“මුතු රාජා” හස්තියා පෙරේදා දින තායිලන්තයට යළිත් රැගෙන ගිය අතර, මේ වන විට Lampang පළාතේ Hang Chat දිස්ත්‍රික්කයේ පිහිටි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක කාලයක් පුරාවට නිරෝධායනය කර ඇත.
මුතුරාජා හස්තියා ඇසේ සුද පැමිණීම, ඉදිරිපස පාදය නැමිය නොහැකි වීම, උකුල් ප්‍රදේශය තුවාල වලින් සහිත වීම වැනි පීඩා රාශියකින් පීඩා විඳින අතර දැනට එරට පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් තායි අලි ඇතුන් දෙදෙනෙකු වන ශ්‍රී නාරොං සහ ප්‍රතුපා පිළිබඳ අදහස් දක්වා ඇති තායි පරිසර අමාත්‍යවරයා පවසා ඇත්තේ ඔවුන්ව රැකබලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බව පෙනෙන බවත්ය. ඔවුන්ගෙන් එක් අලියෙකු සුළු තුවාල ලබා සිටියද ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
(මූලාශ්‍රය : thaipbsworld.com)