කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ දෙවැනි මහලේ ඊයේ (17) ඇතිවූ ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි සැක පලව තිබේ.
ඊයේ පස්වරු 3 ට පමණ එම ගින්න හටගනු ලැබුවේ දෙවන මහලේ පිහිටි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ බව මුදල් අමාත්‍යාංශය පැවසුවේය.
ගින්න නිවීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ තුනක් යොමුකර තිබූ බවද පැවසේ.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සෙරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.