ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රතිදේහ එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අවසරය අනුවය.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනගෙන්, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් සහ එහි සංවර්ධන මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරු 7 සිට පස්වරු 5 පමණ වනතෙක් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ව්‍යාජ ලේඛන සකසා, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කළ බව කියන සිදුවීමට අදාලව එම සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු මේවනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 24 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.