පුවත්

මුදල් කාරක සභාවේ මුල් පුටුව, හර්ෂට

Published

on

සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (07) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.

Trending

Exit mobile version