අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්ත මුදලිගේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේට එරෙහිව විමර්ශන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලැබීය.
ඔහුට එරෙහි නඩුවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 31 වැනිදා නියෝග කෙරිණි.
මෙම තීන්දුව ඉහළ අධිකරණයකින් ප්‍රතිශෝධනය කරන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.