පුවත්

මුදවාගැනීමේ මෙහෙයුමකට මන්ත්‍රීවරු 3ක් තායිලන්තයට

Published

on

විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (27) අලුයම තායිලන්තය බලා පිටත්ව ගියහ.

ඒ, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහ රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිවී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරාගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම සඳහා එම රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශ්වයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාය.

මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වේ.

ඔවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම මෙහෙයුම දියත් කිරීමට නියමිතය.

මන්ත්‍රීවරුන් පිරිස ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ සහ විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි, මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ සහ මියන්මාරයේ සංඝනායක හිමිවරුන් සහ රුසියාවේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවී භාරදීමට ද නියමිත බවට වාර්තා වේ.

පිරිස අද අලුයම 01.10ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 402 දරන ගුවන්යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත.

Trending

Exit mobile version