මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමත්, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාමත්,අදායම් තත්වය ඉහළ නැංවීමත් සහ මෙරට සහ ජාත්‍යන්තර මුද්දර ලෝලීන්ගේ අවදානය වැඩිවශයෙන් දිනාගැනීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කලේය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය සංවිධානය කළ තැපැල් සේවාවේ මුද්දර, මුල් දින කවර සහ තැපැල් සේවාවේ ඉතිහාසය නිරූපණය කළ තැපැල් මෙවලම් ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුවය.
එම මුද්දර ප්‍රදර්ශනය කොළඹ 07, මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.
මෙරට තැපැල් සේවාවට වසර දෙසීයයකට අධික ඉතිහාසයක් පවතින අතර වර්තමානය වන විට දිවයින පුරා තැපැල් කාර්යාල පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇතැයි ද එමගින් මෙරට ජනතාවට විශිෂ්ට සේවාවක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.