නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල ඊයේ (08) දිනයේදී රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.
එහි මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 1980 ක් ලෙස සටහන්ව තිබූ බවද පැවසේ.
එසේම දිවයිනේ සෙසු ආර්ථික මධ්‍යස්ථානවල ඊයේ දිනයේදී මුරුංගා අලෙවි කිරීමට නොතිබූ බවද පැවසේ.
මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවා ඇති අතර මාළු මිරිස් තොග කිලෝවක් රුපියල් 1,200 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 1,100 කටද මේවන විට අලෙවි වේ.
පසුගිය දිනවල රුපියල් 2,000 ඉක්මවා පැවැති කැරට් කිලෝවක තොග මිල අද (09) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වූයේ රුපියල් 650 ක් ලෙසය.
නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්..