Connect with us

පුවත්

මුල්ලේරියාවේ පිස්තෝලේ CCD යේ එකක්; සැකකරු උණ්ඩියෙල් කෙරුමෙක්

Published

on

මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 19 දා සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලායෑමට තැත් කළ අපරාධකරු අත තිබී පොලිස් භාරයට ගත් පිස්තෝලය  අපරාධකරුට දී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරත සැරයන්වරයක් විසින් බව වාර්තා වේ.

මෙරටින් පලාගොස් ඩුබායිහි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ආර්. ඇලෝසියස් ස්මිත් නමැති අපරාධකරු විසින් ඩුබායි සිට දුන් දුරකතන ඇමතුමකට අනුව පොලිස් සැරයන්වරයා සමඟ බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයට ගිය රත්මලානේ පදිංචි ව්‍යාපාරිකයකු ඒ අවිය සමඟ තවත් අවියක් වැගන් ආර්. වර්ගයේ මෝටර් රථයකින් පැමිණි අයකුගෙන් පසුගිය මැයි 15 දා ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

පොලිස් සැරයන්වරයා මේ ගමනට සහභාගි වී ඇත්තේ ව්‍යාපාරිකයා සමඟ මෝටර් රථයක නැඟී බවටත් ගිනි අවි දෙක එම මෝටර් රථයේ කැබින්හෝල් එකේ දමා ගෙන ගොස් රත්මලානේදී ඩුබායිවලින් ලද ඇමතුමකට අනුව අපරාධකරුවන් අතට පත් කර ඇත්තේ පොලිස් සැරයන්වරයා විසින් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. 

මේ ව්‍යාරිකයා රත්මලාන සිල්වෙස්ටර් පාරේ පදිංචිකරුවෙකි. 

වයස අවුරුදු 40ක් වන ඔහු ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුට උණ්ඩියල් ක්‍රමයට මත්කුඩු ආදායම්වලින් උපයා ගන්නා මුදල් ඩුබායි වෙත යවන බවට සැක කරන තොරතුරු රැසක්ද විමර්ශනවල්‍දී අනාවරණය වී ඇත. 

තොරම්බල්බඩු අලෙවි ව්‍යාපාරයක හිමිකරුවකු වන මේ ව්‍යාපාරිකයා පසුගිය 20 දා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මොහු ඩුබායිහි කාලයක් රැකියාවකද නිරතව සිට ඇති අයකු බවද අනාවරණය වී තිබේ.

පොලිස් සැරයන්වරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved