පුවත්

“මුල් මාස හයේ කරන්න බැරි වුණත් දෙන්නෙ නම් නැහැ, ෆේස්බුක් එකෙන් ගැහුවට බය නෑ” – මේජර් ජනරාල් අරුණ

Published

on

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර දින රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා බෙලිඅත්තේදී පෙරේදා (25) පැවැසීය. 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන්ගේ හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය. 

” යෝෂිත රාජපක්ෂ බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත්තා. අපි ඊයෙ රෑ කතා වුණා. අපි එළියට දැම්මේ නැහැ .දැන් සමහරු කියන්නේ අපෝ එයා විතරක් මදිනේ. තව ගන්න කියලා. ලේසියෙන් කරන්න බැහැ. නීත්‍යානුකූලව පොලිස් පරීක්ෂණ කටයුතු කරලයි කටයුතු කරන්න ඕනෑ. මහජනතාව හා ආණ්ඩුව අතර හොඳ සන්නිවේදනයක් නැහැ. හරියට පණිවුඩ ටික ගිහිල්ලා නැහැ. ජනතාවගේ හයිය ඉස්සරහට අරගෙන දිය යුතුයි. එය රටට මහා දැවැන්ත ශක්තියක් වෙනවා. අලුත් පාර්ලිමේන්තුවේ විනය අපි දකිනවා. දැන් විනය හදන්නේ විරුද්ධ පක්ෂයේ කට්ටියගේ. එය ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. ඔබ වෙනත් දේශපාලන පක්ෂයකට කලින් වැඩ කළාට කමක් නැහැ. ඒත් දැන් ප්‍රතිපත්තිය හොරකම් කරන්න බැහැ. වැඩ නොකර ඉන්න බැහැ. පළවෙනියා පුරවැසියායි. මේක නම් දෙන්නේ නැහැ ඔබලා අපි එකතුවෙලා ගහපු ගේම් එක ආයෙමත් මේ මකබාස්ලට දෙන්නද. අපි මේ තවම පටන් ගත්ත විතරයි. ඒ පටන් ගත්ත ගේම හැමෝම එකතුවෙලා කරන්න ඕනෑ. සුදු වෑන් තියෙන කාලෙයි එළියට බැස්සේ. රටට වින්නැහි කරපු ඔක්කොම යවලා බලය ගත්තේ ආපහු දෙන්නද. මුල් මාස හයේ කරන්න බැරි වුණත් දෙන්නෙ නම් නැහැ ආයෙමත්. හදලමයි යන්නේ. ෆේස්බුක් එකෙන් අපිට ගැහුවට අපි බයවෙන්නෙ නැහැ. ඒ නිසා අතාරින්න එපා. පාතාලයට කුඩුකාරයන්ට කසිප්පුකාරයන්ට කොන්ද නමන්න එපා. විනයක් තියෙන පිරිසක් මේ ගෙනල්ල තියෙන්නේ. බලය ගන්න අපි දරපු වෙර මෙන් දහ පහළොස් ගුණයක් රජය පවත්වා ගන්න වෙර දරන්න වෙනවා. විපක්ෂයේ ඉන්න මන්ත්‍රිවරු දාහක් කරපු දේවල් මේ එක්කෙනෙක්ට කරන්න පුළුවන්.”  
මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version