Connect with us

පුවත්

මුසම්මිල් රනිල් ළඟට යයි?

Published

on

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

මොහොමඩ් මුසම්මිල් මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධාන ගතවීම වෙනුවෙන්  අද (14) පැවති උත්සවයකටද මොහොමඩ් මුසම්මිල් මහතා සහභාගි විය.

පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුතු මෙම නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට නියමිතය.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/අනුර-යටතේ-නව-සන්ධානයක්/

පුවත්

පොලිස් ස්ථානාධිපතිවරු 34කට මාරුවීම්

Published

on

By

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Continue Reading

පුවත්

බැඳුම්කර වංචා නඩුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට දුන් නියෝගය

Published

on

By

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අධිකරණය විසින් ඉදිරිපත් කරන ලෙස නියම කර තිබෙන ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියම කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කැඳවා තිබුණි.

එම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිට ඇත.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව අවසන් වශයෙන් කැඳවනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මස බව පෙන්වා දී තිබේ.

එදින මෙම සැකකරුවන්ගේ සමාගම් වලට අදාල ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළත් මේ දක්වා එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පැමිණිලිකරුවන්ට මෙම නඩුව පවත්වාගෙන යාමට උනන්දුවක් නැතිනම් මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විටත් සිය සේවාදායකයින්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවත් ඔහු පෙන්වා දී ඇත.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ද අධිකරණයට දැනුම් දුන්නේ අදාල වාර්තා ඉදිරිපත් කරන ලෙස පෙර අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ නඩු දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය බුද්ධි අංශයට නියම කළේය.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු නම් කර තිබේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් (UPDATE)

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශය මේ බව දැනුවත් කර සිටියි.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක සිදුවීමක් වාර්තා වීමෙන් පසුව, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇත.


(පෙර පුවත 2025 ජූනි 12 පෙ.ව.11.05 )

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණි.

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved