කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව බේරුවල සිට ගාල්ල හරහා හම්බන්‍තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව එම නිවේදනයේ සඳහන්ය.
කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50 -60 දක්වා වැඩි වන අතර එම මුහුද විටින් විට රළු වන බවයි වාර්තා වේ.