පුවත්

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල සහයට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනපති

Published

on

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

ඊයේ (20) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපතිවරයා මේ බව පවසා ඇත.

“කිසිවෙකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මුල්‍යකරණය” යන තේමාව යටතේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද 2023 සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ මෙම ඉහළ මට්ටමේ සංවාදය සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් මේ සඳහා ඒක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය  ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය  ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසූවූයේ යැයි ජනාධිපති මාධ්‍ය 

වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් වෙනුවෙන් ගෝලීය සාමුහික කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි. 

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Trending

Exit mobile version