Connect with us

පුවත්

මූල්‍ය  වංචාවක්  නිසා විදේශ නියුක්ති කාර්යාංශයේ 06කට වැඩ තහනම්

Published

on

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගත කර රුපියල් කෝටි 250 කට පමණ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඊයේ (05) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බව වාර්තා වේ.

2022 සිට 2024 අගෝස්තු මාසය දක්වා කාන්තාවන් 35000කට ආසන්න පිරිසක් මෙලෙස පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුවෙන් වංචා සහගත ලෙස නිදහස් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මීට පෙර විදේශ රැකියා සදහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති බවට සහතික කරන ලද කූඨ ලේඛන සකස්කර මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදු කර ඇත.

ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා මුදලක් අයකර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබද සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තොරතුරු වාර්තා වේ.

ප්‍රථම වරට මෙම වංචාව පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කර ඇති අතර  රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීද මේ පිළිබඳව කරුණු විමසා තිබේ.

ඒ අනුව යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයට අදාළව ඉහත නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබේ.

පුවත්

පළමු ඡන්ද ප්‍රතිඵලය –  තංගල්ල නගරසභාව මාලිමාවට

Published

on

By

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260 (ආසන 9)
සමගි ජන බලවේගය – 1397 (ආසන 2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795

Continue Reading

පුවත්

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ (වීඩියෝ)

Published

on

By

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට, මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්‍රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වා ඇත.

අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ ඇය පැවසුවේ, තම ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදහස් නොකළ බවය.

එසේම, තමන් නීති උල්ලංඝනය කළේ නම්, මැතිවරණ කොමිසමට අදාළ පියවර ගත හැකි බව ඇය විසින් සඳහන් කරන ලදී.

වීඩියෝ  – Asian Mirror



සබැඳි පුවත් :

Continue Reading

පුවත්

සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)

Published

on

By

2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.

ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව, 

  • මන්නාරම – 70%
  • ත්‍රිකුණාමලය – 67%
  • පොළොන්නරුව – 64% 
  • අනුරාධපුරය – 64% 
  • ගාල්ල – 63%
  • අම්පාර  – 63%
  • මොණරාගල – 61%
  • කළුතර – 61%
  • වව්නියාව – 60% 
  • බදුල්ල – 60%
  • මාතර – 58%
  • නුවරඑළිය – 60%
  • මුලතිව් – 60%
  • කෑගල්ල – 58%

(පෙර පුවත 2025 මැ​යි 06 ප.ව.4:11)

පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් (UPDATE)

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4ට අවසන් විය.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණි.

ඒ අනුව සභිකයින් 8,287 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසීය.

සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සිද්ධි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බවද පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේය.

මේ අතර මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.


(පෙර පුවත 2025 මැයි 06 ප.ව.3.06)

පස්වරැ 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  40% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මන්නාරම – 54%
  • රත්නපුර – 50%
  • වව්නියාව – 49%
  • අම්පාර  – 48%
  • බදුල්ල – 48%
  • මාතර – 45%
  • කෑගල්ල – 45%
  • කළුතර – 45%
  • පොළොන්නරුව – 45%
  • මොණරාගල – 43%
  • හම්බන්තොට – 42%
  • පුත්තලම – 40%
  • අනුරාධපුරය – 40%
  • කොළඹ -40%
  • කිලිනොච්චිය – 39%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.2.25)

දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • බදුල්ල – 48%
  • මන්නාරම – 47%
  • මොණරාගල – 43%
  • අම්පාර  – 41%
  • අනුරාධපුරය – 40%
  • කිලිනොච්චිය – 39%
  • පුත්තලම – 38%
  • රත්නපුර – 38%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.1.26)

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මාතර – 42%
  • මන්නාරම – 40%
  • ත්‍රිකුණාමලය – 36%
  • බදුල්ල – 36%
  • ගාල්ල – 35%
  • යාපනය 35%
  • පොළොන්නරුව – 34%
  • කෑගල්ල – 33%
  • මහනුරව 33%
  • අම්පාර  – 31%
  • රත්නපුර – 30%
  • පුත්තලම  – 30%
  • අනුරාධපුර 30%
  • කොළඹ – 28%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved