පුවත්

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා මානව මිහිකම් කොමිසමෙන් පොලිසියට දැනුම් දීමක්

Published

on

පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා භාවිත නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

අද (02) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමනට අවසර ලබාගන්නා ලෙස පොලීසිය නීතිවිරෝධී ලෙස දැනුම් දී ඇති බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව අවධාරණය කර ඇති බව සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මෙම අවස්ථාවේ දී යම් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදුවුවහොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති වීමට හේතුවිය හැකි බව ද පොලීසිය වෙත අවධාරණය කර තිබේ.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් 28 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා වෙත යොමුකරන ලද නිර්දේශ කෙරෙහි පොලීසියේ අවධානය යොමුකරන ලෙස අදාළ නිවේදනය මඟින් දක්වා ඇත.

අද දින පාගමන සිදුවන අවස්ථාව අධීක්ෂණය සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට ද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(අද දෙරණ)

Trending

Exit mobile version