පුවත්

මෘදු මත්පැන් අලෙවියට පැන වු තහනම 23දා තෙක් ඉවතට

Published

on

මෘදු මත්පැන් අලෙවිය සඳහා දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන සඳුදා දක්වා ඉවත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

එමෙන්ම  අලුතින් මෘදු මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඒ ආකාරයෙන්ම තවදුරටත් පවතින බව අධිකරණය සිය නියෝගයේ සඳහන් කර තිබේ.

රට බීම බලපත් හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් 02ක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් අදාළ බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවමින් ඉකුත් 10 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එහෙත් ඊට අදාළ ව අද (20) මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කරනුයේ, අදාළ අතුරු තහනම් නියෝගය හේතුවෙන් බදු වශයෙන් මාසිකෙව අය විය යුතු රුපියල් මිලියන 207ක ආදායමක් අහිමි වන බව බවයි.

(අද දෙරණ)

සබැඳි පුවත් :

හරීන්ගේ මෘදු මත්පැන් ලයිසන් වැඩේ කොටඋඩ

Trending

Exit mobile version