පුවත්

මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘතියට ඉඩම් හඳුනා ගනියි

Published

on

පුනර්ජනනීය ප්‍රභවයගෙන්  විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත.

එම සැලැස්ම අනුව මෙගාවොට් 3000ක බිම්ගත සූර්ය පැනල හා ජලය මත පාවෙන සූර්ය පැනල මඟින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති හා මෙගාවොට් 1000ක සුලං ප්‍රභව මඟින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සඳහා වන අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් හා ජල ප්‍රභව හදුනාගැනීම් සිදුවන බවද පවසා ඇත.

(මුලාශ්‍රය – ලංකාදීප)

Trending

Exit mobile version