පුවත්

මෙන්න අනුර සිස්ටම් චේන්ජ් කරපු හැටි  කබීර් හෙළිකරයි

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද වෙන්කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක් වෙමින් ඔහු පැවසුවේ එසේ වෙන්කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 1.4ක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා :

“අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වඩා නියෝ ලිබරල් බව පෙනීයනවා. අද අපිට පේනව රනිල් වික්‍රමසිංහ මහතාට වඩා බටහිරගැති බවක් පෙනී යනවා. රනිල් එලවලා රනිල් ඇවිල්ලා.

“2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4යි. 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ. ඒ ගණනමයි වෙනසක් නෑ. මොකක්ද වෙනස කොහෙන්ද අඩුකරලා තියෙන්නේ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිතුමා මූලාසන කතාවේදී කිව්වා ඓMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒක හොඳයි. අපි සජබ ය කිව්වා ඓMF ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස්කරනවා කියලා. හැබැයි අද ඔබ තුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.”

Trending

Exit mobile version