පුවත්

මෙනින්ගොකොකල් බැක්ටීරියා ආසාදිතයෙකු කොළඹින් හමුවේ

Published

on

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකු මරණයට පත් වු මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් නම් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වී ඇතැයි ‘අරුණ’ වාර්තා කරයි.

උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් වී ඇති මෙම රෝගියාට පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක පවසයි.

මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරන බවට අනාවරණය වී ඇත.

එසේම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 33ක් පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට ද කටයුතු කර ඇත.

මුලාශ්‍රය – (අරුණ)

Trending

Exit mobile version