පුවත්

මෙරට කතුන් ගෘහ සේවයට යැවීම අත්හිටුවීමට පියවර

Published

on

මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහත‍ා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දී තිබේ.

කම්කරු අමාත්‍යංශයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙස අදාළ සංගමයට කියා තිබේ.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයන් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයන් යැවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනවලට ඇමැති මනූෂ නානායක්කාර මහතා දැනුම් දී තිබේ.

Trending

Exit mobile version