පුවත්

මෙරට ඩිජිටල් ආර්ථික පරිවර්තනයකට ලොකුම බාධාව රජය – හර්ෂ

Published

on

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථක පරිවර්තනයක් සඳහා ඇති විශාලතම අවහිරය මෙරට රජය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹදී පැවති ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුව ඇමතීමෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

අද්විතීය ඩිජිටල් හැඳුනුම්පතක් සහිතව කුළුණු 03කින් යුත් ඩිජිටල් පොදු යටිතල පහසුකම් ස්ථාපිත කරන්නේ නම් හැර, ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳව කතාබහ කිරීමෙන් පලක් නැති බව මන්ත්‍රීවරයා මෙම සමුළුව අමතමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඩිජිටල් ශ්‍රී ලංකාවක අවශ්‍යතාවය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත්ය. ව්‍යාපෘති 300ක් පමණ පිළිබඳව කතාබහ කිරීම වෙනුවට එක් ව්‍යාපෘතියකට අවධානය දෙන ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

ඩිජිටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් කළ ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉතා පිටුපසින් සිටින බවත්, සහය ලබාදීමට මෙරටට මේ වන විට දිගු කර ඇති දෑත අල්ලාගෙන ඉක්මනින්ම අද්විතීය ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන ලෙසද ඔහු මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, මෙහි ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version