පුවත්

මෙරට පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හදන්න ගිවිසුම්ගත වෙයි

Published

on

ලංකාවේ ගොඩනැගීමට නියමිත පළමු පාවෙන බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් අද (31) දිනයේදී ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ යටතේ සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව මත හා ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත පාවෙන සූර්ය බලාගාර දෙකක් ඉදිකිරීමට නියමිතය.

අදාල ගිවිසුමට කොරියානු තාක්ෂණ සංවර්ධන ආයතනය (KIAT) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද (31) පෙරවරුවේ අත්සන් තැබීය.

ට්විටර් පණිවිඩයක් පළ කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ මේ සඳහා KIAT ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක මුදලක් පිරිනමා ඇති බවයි.

මෙගාවොට් එකක ධාරිතාවය බැගින් ඇති මෙම බලාගාර දෙකම 2024 දෙසැම්බර් වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version