පුවත්

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

Published

on

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබේ.

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී ය.

පිරිස සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

Trending

Exit mobile version