පුවත්

මෙරට 03 ශ්‍රේණියේ දරුවන්ගෙන් 90% කට සාක්‍ෂර – සංඛ්‍යා දැනුම නෑ

Published

on

‘කොවිඩ්’ සමයේදී පාසල් වැසීම හේතුවෙන් මෙරට 3 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 90 කට පමණ ප්‍රමාණවත් සාක්‍ෂර හෝ අංක පිළිබඳ දැනුමක් නොමැති බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙළි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙහිදී දරුවන්ගේ සවන්දීම, කථන, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම යන හැකියාව පරීක්‍ෂා කළ බව කියන අධ්‍යාපන අමාත්‍යංශය දරුවන්ගේ සාක්‍ෂර හැකියාව සියයට 34 ක් සහ සංඛ්‍යා දැනුම සියයට 7 ක් තරම් අඩු මට්ටමක පැවැති බව ද සඳහන් කළේය.

‘කොවිඩ්’ හේතුවෙන් පාසල් වැසීමෙන් දරුවන්ට වූ බලපෑම සෙවීමට 3 වැනි ශ්‍රේණියේ දරුවන් යොදාගෙන කළ සමීක්‍ෂණයකින් මෙම තොරතුරු හෙළිවී ඇති බවත් 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාලයේ මෙරට සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009 ක 3 වැනි ශ්‍රේණියේ දරුවන් 10,000 ක් යොදා ගෙන සමීක්‍ෂණය කළ බවත් එම අමාත්‍යංශය කීය.

(නිවුස්රේඩියෝ)

Trending

Exit mobile version