Connect with us

පුවත්

මෙරට 70%ක් මරණ සිදුවන හේතුව හෙළිවේ

Published

on

ලංකාවේ සිදුවන සමස්ත මරණ අතුරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන්  34.8%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය.

ඒ අතරින්  64%ක් ඒ සඳහා ඖෂධයක් භාවිතා නොකර බවටද හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළාය.

“බොහෝ වෙලාවන්වලදී මේකේ කිසිම රෝග ලක්ෂණයක් දක්වන්නේ නෑ මුල් අවස්ථාවන්වලදී. නමුත් මේ අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවතියාට පස්සේ, සමහර වෙලාවට අපි ඉස්සෙල්ලාම හඳුනාගන්නේ අඝාතය.සමහර අවස්ථාවලදී හෘදයාබාධයක් විදියටත් අධික රුධිර පීඩනය එළියට එන්න පුළුවන්.

වකුගඩු රෝගවලට ගොදුරු වුණ අයටත් අධික රුධිර පීඩනය එක ප්‍රධාන සාධකයක් වෙනවා.

සිදුවන මරණ අතරින් 70%ක් පමණ අධික රුධිර පීඩනය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ කියන එක සොයාගෙන තියෙනවා අපේ දත්තවලට අනුව.

බෝ නොවන රෝග පිළිබඳව අපි වසර 5කට වරක් ලංකාවේ කරනවා සමීක්ෂණයක්. 2021 දත්තවලට අනුව 34.8%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. මේ ජනතාවෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් මේ සඳහා භාවිතා කරන්නේ නෑ.

තමන්ට අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගෙන හිටියේ, 18%ක් විතර ප්‍රමාණයක්. එය භයානක තත්ත්වයක්. ඒ අනුව අලුතින් හඳුනාගත්ත රෝගීන් ප්‍රමාණය වන්නේ 54.7%ක්. මේ අධික රුධිර පීඩනය හඳුනාගත්ත පුද්ගලයින් අතරින් පාලනය කරගෙන තියෙන්නේ 14%ක් පමණයි.

මේක ඉතාමත් භයානක තත්ත්වයක්.”

අධි රුධිර පීඩන තත්ත්වයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

“රෝහල්වලට අමතරව අපිට තියෙනවා සුවදිවි සායනය කියලා. කුඩා ඒකක. නමුත් මේවාට රෝගීන්ගේ පැමිණීම ඉතා අඩුයි.

අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත්.පිරිමි පුද්ගලයෙකු නම් දුම්පානය, මත්පැන් පානය වගේ දේවල් ඉතා නරක දේවල් බලපානවා.රෝගීන් නිතර ව්‍යායාමවලට යොමු විය යුතුයි. එය ඉතා වැදගත්”

පුවත්

කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved