පුවත්

මෙල් මයික් එක අල්ලද්දී සේවකයෝ මාරුවෙලා !

Published

on

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී. මෙල් නව වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයේදී සේවකයන් අමතා කතාවක් පැවැත්වීමට සූදානම් වීමේදී එයට විරෝධය දැක්වූ සේවක පිරිස ශාලාවෙන් බැහැරට ගොස් ඇතැයි වාර්තා වේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රවාහන දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් එලෙස සේවක පිරිස ඉවත්ව ගොස් ඇත.

සේවක පිරිස ශාලාවෙන් බැහැරට ගියත් එම ස්ථානයේ රැඳී සිටි සේවකයන් දස දෙනකු පමණ ඉදිරිපිට සභාපතිවරයා සිය කතාව සිදු කර ඇති බවද පැවසේ.

දිරි දීමනා සම්බන්ධව අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවත්වෙන බවත් මෙලෙස පිරිස ඉවත්ව යාම ගැන තමන් කනගාටු වෙන බවත් මේ ගැන සභාපතිවරයා මාධ්‍යට පවසා තිබේ.

Trending

Exit mobile version