පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන මැයි මාසය ඇතුළත නිකුත් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් කටයුතු ආරම්භ කර ඇත.
විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
පසුගිය ජනවාරි මස 4 වැනි දා සිට 30 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර මෙවර විභාගය සඳහා තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූතුනක් අපේක්ෂයින් පෙනී සිටියහ.