පුවත්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ

Published

on

මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කළ බවත් ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බවත් වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසා ඇත.

රාජ්‍ය වෙසක් උළෙලට වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහන ඇතුලත් වේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණි.

කෙසේවෙතත්, මීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලව රතනසිරි පිරිවෙනේ පැවැත්වීම සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ගරු ඉත්තෑපාන සුමන නාහිමියන් විරෝධය පළ කර තිබුණි. 

හලාවත නගරය කේන්ද්‍ර කොටගෙන අන්‍යාගමික දේශපාලන බලවතෙකුට අවශ්‍ය පරිදි මෙම විහාරස්ථානයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම බෞද්ධ ප්‍රජාවට කරන නිගාවක් බව උන්වහන්සේ සඳහන් කර තිබුණි.

Trending

Exit mobile version