අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් අතරින් 13,380ක් විශයන් 9ටම ඒ සාමාර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 74.31%ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
සියළු විශයන් සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 70.45%ක් වන අතර සිසුන් 526 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයිද ඒ මහතා කීය.