2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේ ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ලෝක කුසලාන තරගය වෙනු ඇතැයි ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පවසයි.
ජර්මනියේ 2006 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී සිය ලෝක කුසලාන පාපන්දු ගමන මෙසී ආරම්භ කළේය.
මගේ ලෝක කුසලාන ගමනේ අවසන් තරගය මේ අවසන් මහ තරගය වෙනු ඇතැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.”
මේ වනවිට අවසන් 35 වැනි වියේ පසුවන මෙසී ලෝක කුසලාන තරගාවලි 5කට සහභාගි වී ඇති අතර 2014 වසරේ බ්‍රසීලයේදී පැවැති ලෝක කුසලානය තරගාවලියේදී ජර්මනිය හමුවේ පරාජයට පත්වීමත් සමග ඔහුට ලෝක කුසලාන අනුශූරත්වයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.