Connect with us

පුවත්

මේක අපේ ආණ්ඩුවක්ද කියල අපිටත් සැකයි – බැසිල්

Published

on

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තීව්‍ර බල අරගලයක යෙදී සිටින රාජපක්ෂ පවුල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙනස්ම ආකාරයක ප්‍රකාශයක් කරමින් “අපිට තියෙන්නේ එළදෙනගේ ඉස්සරහ කෑල්ල විතරයි. පස්සා කෑල්ල තියෙන්නේ වෙන තැනක” යනුවෙන් කියා සිටී.

සිරස රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම මේක අපේ ආණ්ඩුවක් ද කියලත් සැකයක් ඇතැයි ද කියා ඒ මහතා කියා සිටී.

ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ගේ වගකීමක් නොමැති බවය. 

පුවත්

වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

Published

on

By

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා   මියගිය  26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ  දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.

අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ල්ගත කිරී­මෙන් පසුව මිය­ගිය බව කියන මීග­හ­කි­වුල, පහ­ල­ගෙ­දර තුරු­ලිය සෙවන පදිංචි මුතු­වා­ඩි­යගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරු­ණ­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්නැයි ඉල්ල­මින් මීග­හ­කි­වුල හා අවට ප්‍රදේ­ශ­වා­සීහු පසුගිය  (07) වැනිදා මීග­හ­කි­වුල නග­ර­යේදී නිහඬ උද්ඝෝ­ෂ­ණ­යක් ද සිදු කළහ.

Continue Reading

පුවත්

ශානි අබේසේකරට නව වගකීමක්

Published

on

By

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතීත්වයෙන් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයින් ගණන පහ දක්වා වැඩිවිය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved