Connect with us

පුවත්

මේක රාජපක්ෂලා ගිය පාරෙම යන ආණ්ඩුවක්

Published

on

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වන බවත් ඔවුන් සිය වාසියට හේතුවන ආකාරයට මැතිවරණ පවත්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පසුගියදා (16) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජපක්ෂලා ගමන් ගත් මාර්ගයේම නව ආණ්ඩුව ගමන් කරන බව මේ වන විට පෙනී යන බවය.

“ මීට පෙර රාජපක්ෂලා සිදුකළෙත් මේ දේම තමයි. රාජපක්ෂලා බලයේ සිටින කාලයේ මැතිවරණ කඩින් කඩ පවත්වන්න කටයුතු කළා. ඔවුන්ට වාසි වන ආකාරයට මැතිවරණ තිබ්බා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට භාණ්ඩ බෙදුවා. රාජපක්ෂලාට ඡන්දය දෙන්න නැතිනම් රට සංවර්ධනය වෙන්නේ නෑ කියන කතාවත් ඔවුන් ප්‍රකාශ කළා. රාජපක්ෂලා ගිය මාර්ගයේම මේ රජය යන බව පෙනෙන්න තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට බලය නැති කාලයේ ජනතාවට ඡන්දය දාන්න ඉඩ දුන්නේ නෑ.”

ඒ වගේම ඉන්දියානු අගමැතිවරයා පසුගියදා ලංකාවට පැමිණ ලංකා රජය සහ ඉන්දියානු රජය සමඟ ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව යම් යම් ආන්දෝලනාත්මක කතා රටේ පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුම් 7 තුළ අඩංගු කරුණු කාරණා පිළිබඳව කිසිවෙක් දැනුවත් නෑ. ඒ වගේම මේ ගිවිසුම් සියල්ල දැක්කා කියා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක්වත් තවම ප්‍රකාශයක් කර නෑ. විදේශ ඇමැතිවරයා ගිවිසුම් අත්සන් කළ බවට ප්‍රකාශයක් කළත් වෙනත් කිසිම කැබිනට් ඇමැතිවරයෙක් ගිවිසුම් පිළිබඳව සෘජු ප්‍රකාශයක් කළේ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා කියනවා ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා මේ කියන්නේ අමූලික බොරුවක්. ගිවිසුම් අත්සන් කළාට පසුව දින තුනක් පාර්ලිමේන්තුව පැවැත්වුවා. නමුත් ඒ කිසිම දවසක කිසිම ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස තරගෙට බොරු කියන්න පටන් අරන්. මෙහෙම ජනතාවට බොරු කිය කිය කොහොමද ආණ්ඩුවක් කරන්නේ.”

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved