Connect with us

පුවත්

මේපාර ඡන්දයට ඕන කතිරය විතරයි – මැතිවරණ කොමසාරිස්

Published

on

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (04) පැවසීය.

හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිඳු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා කීය.

මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු යම් ඡන්දදායකයෙක් සිටී නම් ඡන්දය දින දක්වා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් බාගතකළ හැකි අතර ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය.

මේපාර ඡන්දයට ඕන කතිරය විතරයි

මේපාර ඡන්දයට ඕන කතිරය විතරයි – මැ.කෝ. පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (04) පැවසීය.හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිඳු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා කීය.මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු යම් ඡන්දදායකයෙක් සිටී නම් ඡන්දය දින දක්වා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් බාගතකළ හැකි අතර ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය. #lka #SriLanka #LGPolls2025

Posted by Sri Lanka Mirror on Sunday, May 4, 2025

පුවත්

අල්ලස් කොමිසමට පැමිණි සේනාධිපති පිටව යයි (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.


(පෙර පුවත 2025 ජූනි 23 ප.ව.3.13 )

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

Published

on

By

සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින් මෙම ඇප නියම කරන ලදී.

මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවය.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම අධිකරණයෙන් වළක්වයි

Published

on

By

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධූර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

එහිදී  අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටියද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව, වගඋත්තරකාර තේරීම් භාර නිලධාරියාගේ නීතිවිරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරුතහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූව ඒ තුළින් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවාවලට දැඩි අගතියක් සිදුවන බවය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ  වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා සහ වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස් යන අය වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved