Connect with us

පුවත්

මේ අවුරුද්දේ ලුණු කැටයක්වත් නිපදවා නෑ – ලුණු සංස්ථාවේ සභාපති

Published

on

දිගින් දිගටම වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වසරේදී ලුණු කැටයක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකිවූ බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දනතිලක මහතා කියයි.

හම්බන්තොට පමණක් නොව අලි මංකඩ ඇතුළු ලුණු නිෂ්පාදනය කරන සෑම ස්ථානයකටම මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපා තිබෙන බවද ඔහු කීවේය.

මෙම තත්ත්වය බරපතළ වූයේ ඉකුත් වසරේදී (2024) බවත්, ලංකා ලුණු සමාගම ඉකුත් වසරේදී මෙට්‍රික් ටොන් 125,000 ක ලුණු තොගයක් නිෂ්පාදනය කිරීමට ඇස්තමේන්තු කළද, නමුත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා නිෂ්පාදනය කිරීමට හැකි වූයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බවද සභාපතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේදී ලුණු කැඩීම ආරම්භ කළද, අයහපත් කාලගුණික තත්ත්වය ඊට බාධාවක් වූ බවද ඔහු කීවේය.

වෙළෙඳපොළේ කැට ලුණුවල යම් හිඟයක් පැවැතියත් මේස ලුණුවල අඩුවක් නොමැති බවද ඔහු කීවේය.

ලංකා සතොසට ලංකා ලුණු සමාගම විසින් මේස ලුණු ග්‍රෑම් 400 ඇසුරුම් ලක්ෂයක් පෙරේදා (14 වැනිදා) දිනයේත් නිකුත් කිරීමට කටයුතු කළ බවත්, ඊයේ (15 වැනිදා) දිනයේදී තවත් ඇසුරුම් ලක්ෂයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවත් සභාපතිවරයා කියා සිටියේය.

මූලාශ්‍රය – අරුණ 

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved